තවත් කමිටු වාර්තාවක් පොලිස්පති අතට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, කොළඹ (LNW): විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇත.

මෙම කමිටුව පත්කර තිබුණේ.පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...