එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබේ.

විවිධ වැරදි සම්බන්ධයෙන් ඔවුන් සිරගතව සිට ඇත.

අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ, අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමසාන් සමය හේතුවෙන් මෙම රාජකීය සමාව හිමිව ඇති බවයි.

මෙම ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු මේ වන විට සූදානම් කරමින් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...