ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල වරායන් වෙත ගමන් කරන නැව් වලට සිය සිමාව තුළ ඕනෑම වෙලාවක ප්‍රහාර දියත් කරන බව යේමනයේ හූති කණ්ඩායමේ හමුදා ප්‍රකාශක Yahya Saree සඳහන් කර තිබේ.

පලස්තීනුවන්ට එරෙහිව සහයෝගිතා ව්‍යාපාරයක් ලෙස ඉරානය සමග පෙලගැසී සිටින හවුතිවරු රතු මුහුදේ, බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධියේ සහ ඒඩන් බොක්කෙහි තීරණාත්මක නැව් මාර්ගවල නැව් වෙත මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කර ඇත.

Yahya Sareeගේ මෙම නව ප්‍රකාශය පැමිණෙන්නේ, දැනට මිලියන 1.5කට වැඩි පලස්තීනුවන් නවාතැන් ගෙන සිටින දකුණු ගාසා නගරයේ රෆා නගරයට ආක්‍රමණශීලී මිලිටරි මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගියදා සඳහන් කිරීමත් සමඟය.

හූතිවරුගේ ප්‍රහාරයන් හේතුවෙන් සාගර වෙළඳ ජලය බිඳ වැටි ඇති අතර නැව් සමාගම්වලට දකුණු අප්‍රිකාව වටා දිගු හා මිල අධික ගමනක් මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සිදුව ඇත. එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළමුත් ගැටලුව අවසන් වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...