නව ග්‍රාම නිලධාරීන් 1942කට පත්වීම් ලිපි හෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):හෙට (08) සිට නව ග්‍රාම නිලධාරීන් 1942ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

ඊයේ (06) ග්‍රාම නිලධාරි 3 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කර තිබිණි.

පත්වීම් ලබන සියලු දෙනාගේ නම් www.moha.gov.lk වෙබ් අඩවියේ පළ කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවසූ අතර, විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 වැනි දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදි.

මෛ ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන් අතරින් කිසියම් අයකුට කැඳවීම් ලිපි ලැබී නොමැති නම් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...