ඩුබායිවලින් කොළඹට ගෙන ආ “මන්නා රමේශ්”

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW): ඩුබායි හි දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන කොළඹට රැගෙනවිත් තිබේ.

මෙම පාතාල සාමාජිකයා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුනේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ නියෝගයක් මත බව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදී බව වාර්තා වේ.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද සඳහන් වන අතර, ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් දුරකථනය ඔස්සේ එරට විෂයබාර අමාත්‍යවරයා සමග කිහිපවරක්ම සාකච්ජා කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...