චීන- ප්‍රංශ ජනපතිවරුන් අතර සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (6) පැරිස් නුවර Élysée මාලිගයේදී ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළා. ප්‍රංශය සමග ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට ද චීනය බලාපොරොත්තු වෙනවා.

මේ වනවිටත් චීනය ප්‍රංශයේ ගුණාත්මක කෘෂි නිෂ්පාදිත වැඩියෙන් ආනයනය කරනු ලබනවා.

දෙරට අතර ගුවන් සේවාව හා අභ්‍යවකාශය ඇතුළු සාම්ප්‍රදායික ක්‍‍ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු අතර න්‍යෂ්ටික බලශක්ති, නවෝත්පාදනය, මුල්‍ය සේවාව යන අංශවල සහයෝගතා ශක්තිමත් කළ යුතු බවයි එහිදී අවධාරණය කළේ.

වර්තමානයේ චීනය නිෂ්පාදන කර්මාන්තයට ප්‍රවේශවීම මුළුමනින් විවෘත කර තිබෙනවා. විදුලි සන්නිවේදනය, වෛද්‍ය සේවාව යන සේවා කර්මාන්තවල වෙළඳපොලට ප්‍රවේශ වීම් කඩිනම් කිරීමට නියමිතයි.

චීනය හා ප්‍රංශය දැවැන්ත සංස්කෘතික වටපිටාවකින් පැවත එන රටවල් දෙකකි. වර්තමානයේ ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශයින් වැදගත් කාර්යභාරයන් ඉටු කරන බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙහිදී නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදුවේ සැලකිල්ලට ලක් කළ යුතු ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවාමරු කර ගත් බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...

කොළඹට විතරක් නෙවෙයි නුවරටත් මෙට්‍රො!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW : බස්නාහිර පළාතට පමණක්...