නිව් ඇන්තනීස් ෆාම්ස්, ‘Dorakadapaliya’ අන්තර්ජාල සේවාව ඔස්සේ නිවසටම නැවුම් කුකුල් මස් සැපයීමේ සේවාවක් අරඹයි

Date:

ශ්‍රී ලංකාවේ මස් ආහාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, නිරන්තරයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් තම ‘Dorakadapaliya’ ඉ-වානිජ්‍ය සේවාව ඔස්සේ උසස් තත්ත්වයෙන් යුත් කුකුල් මස් නිවසේ සිටම ඇණවුම් කර ලබාගැනීමේ දීප ව්‍යාප්ත පාරිභෝගික සේවාවක් දියත් කර තිබේ.

මේ අනුව ‘Dorakadapaliya’ ඉ-වානිජ්‍ය සේවාව හරහා ප්‍රනීත කුකුල් මස් නිවසටම ගෙන්වාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවන අතර, මස් ආහාර සඳහාම වෙන්වූ එවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ දියත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වීම ද කැපීපෙනෙයි. නිව් ඇන්තනීස් ෆාම්ස් හඳුන්වාදී ඇති පාරිභෝගික විශ්වාසය දිනාගත් ‘හරිතහරි‘ කුකුල් මස් නිෂ්පාදන පෙළ ඇතුළු විවිධ පරාසයක නිෂ්පාදන පෙළක් මෙම සේවාව ඔස්සේ මිලදීගැනීමේ පහසුව සලසා තිබේ. ‘Dorakadapaliya’ සේවාව මගින් කුකුල් මස් ගෙන්වාගැනීමේදී ප්‍රවාහන ගාස්තු කිසිවක් අය නොකිරීම ද විශේෂත්වයකි.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ කාබනිකව දිරාපත්වන ඇසුරුමකින් යුත් හරිතහරි නිෂ්පාදන පෙළට අමතරව, ඉතාම රසවත් ක්‍රිස්පි චිකන් නිෂ්පාදනයක්වන ‘Crizzpy’s’ ද මෙම සේවාව ඔස්සේ ඇණවුම් කර ලබාගත හැක. තව ද පාරිභෝගික පහසුව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ‘Chico’ නිෂ්පාදන ද, බේක් කිරීමට සහ බාබකියු කිරීමට වඩාත් ගැලපෙන, ස්වභාවික ආහාර ද්‍රව්‍ය යෙදූ ස්පයිසි චිකන් නිෂ්පාදන පෙළවන ‘SpicyDycy’ නිෂ්පාදන පෙළ ද, හොඳින් කපා, ඇසුරුම් කර, පිසීමට සූදනම් කරන ලද ප්‍රීමියම් චිකන් නිෂ්පාදන පෙළ ද මෙම ඇණවුම් සේවාව ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැක.

″දිවයින පුරා විසිරී සිටින අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවට සවන් දෙමින් මෙවැනි අන්තර්ජාල වෙළඳසැලක් පිහිටුවීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ආහාර නිෂ්පාදන සමාගමක් වශයෙන් අපගේ ව්‍යාපාර කටයතුවලදී පාරිභෝගික සබඳතා වෙනුවෙන් අපි ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙනවා. එම නිසා අන්තර්ජාල ඇණවුම් සේවාවක් ආරම්භ කිරීම, අපට අලෙවි ක්‍රමවේදයකට එහා ගිය ශක්තිමත් පාරිභෝගික සබඳතාව වෙනුවෙන් පිරිනමන තිළිණයක් යැයි හැඳින්වීම නිවැරදියි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය.

ඇන්තනීස් ෆාම්ස් හි කුකුළු මස්, සියයට සියයක්ම ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලියක් භාවිතයෙන් නිෂ්පාදනය කරන අතර ප්‍රතිජීවක සහ හෝමෝනවලින් ද තොර ය. තව ද ඉඩකඩ සහිත සහ මානසික ආතතියෙන් තොර නිදහස් වටපිටාවක සත්ත්ව පාලන කටයුතු සිදුකිරීමට ද නිව් ඇන්තනීස් ෆාම්ස් ආයතනය පියවර ගෙන ඇත. ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ සත්ත්ව සුබසාධන, ආරක්ෂක හා සෞඛ්‍ය ප්‍රමිතීන්ට ද යටත්ව මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවේ.

අවසන් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...