ඇමති ප්‍රසන්නගේ වෙනසක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොඳ තීන්දුවක් ගනු ඇති බවයි.

පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩ පිළිවෙලක් තම පක්ෂය මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

“පොහොට්ටුවේ අනාගතය ඉතාම හොඳයි.පාක්ෂිකයාට බය නැතුව එළියට බහින්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ආවේ දින 45ක් තියලයි. ඒ නිසා අපිට වෙලාව තියෙනවා. පක්ෂය නියම වෙලාවට තීන්දුව ගනියි. පක්ෂයක් විදියට තීන්දුවක් ගනීවි. මහින්ද මහත්තය ගත්තු තීන්දු කවදාවත් වැරදිලා නැහැ. මේ පාරත් හොඳ තීන්දුවක් ගනීවි කියල බළාපොරොත්තු වෙනවා.මැතිවරණ තියනවා. අපි කවදාවත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්නේ නැහැ. ඕනෑම මැතිවරණයක් අභියෝගයක්. අභියෝගයක් නොවුණ මැතිවරණයක් නැහැ. අපි හැම තිස්සෙම අමාරුම පැත්ත ගැන හිතල වැඩ කළොත් ජයග්‍රහණය ලේසියි. අපි ආණ්ඩුව ශක්තිමත් කරනවා. අවුරුදු දෙකකට පෙර රට තිබුණු තැනින් අද ඉස්සරහට ඇවිල්ල තියෙනවා. ඒ තත්ත්වයට ගේන්න පොහොට්ටුවේ අපි කැපකිරීම් කළා. අමාරු තීන්දු ගත්තා.හෙට දවස ගැන අපිට මුකුත් කියන්න බැහැ. අපිට එහෙම කලබලයක් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...