අහුන්ගල්ලේදී වෙඩි ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් අහුංගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි පුද්ගලයෙක් වේ.

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබූ අතර , ඊයේ රාත්‍රි 7.45ට පමණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...