පුත්තලම බැඩිමින්ටන් ජූනි 1 සිට 7 දක්වා වෙන්නප්පුවේදී

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 08, කොළඹ (LNW): ශ්‍රී ලංකා බැඩ්මින්ටන් අධීක්ෂණය යටතේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් සූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ.

ලබන ජූනි 1වැනිදා සිට ජූනි මස 7 දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියකි.කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග, විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ තරග අංශයට බාලක බාලිකා ඒකල සහ යුගල තරග ඇතුළත් වන අතර, ජ්‍යෙෂ්ඨ තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වේ. කාන්තා හා පිරිමි යුගල හා මිශ්‍ර යුගල තරග අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩයට ඇතුළත්ය. කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත තරග අංශයට ඇතුළත් වන අතර, පළඟ තරග අංශයට ඒකල තරග ඇතුළත්ය.ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතික පත් සමඟ රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග බෙදා දෙන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වේ.සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කිරීමට මෙහි පහත දක්වන වෙබ් සබැඳිය හරහා ද හැකියාව ඇති අතර ඒ සම්බන්ධ සියලු විමසීම් +94 77 185 1839 දුරකතන අංකයෙන් (අකිල) දැනගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

https://app.srilankabadminton.lk/#/public/home

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...