අපට හූ කියන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ – ඇමති ජොන්ස්ටන් (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගම්වලදී ජනතාව හූ කියන බවක් විපක්ෂයේ අය කීවත් එවැන්නක් සිදු නොවන බවත් එසේ හූ කීමට ආවොත් තමන් ද නිකම් නොසිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“දැන් අහයි පෙට්‍රල් ගේන්න සල්ලි නැත්නම්, ගෑස් ගේන්න සල්ලි නැත්නම් කොහොමද මේ පාලමට ලක්ෂ 10,000ක් අද වියදම් කරන්නෙ කියලා. ඉතින් තෙල් ගේන්නෙ ඩොලර්වලට. ගෑස් ගේන්නෙ ඩොලර්වලට. අහන්නෙ කොහෙන්ද මේවාට සල්ලි කියලා. මේවාට සල්ලි තියෙන්නෙ අපේ ජනාධිපතිතුමා නිවැරදි දැක්මක්, නිවැරදි වැඩපිළිවෙලක් ඇතිව මේ රට පාලනය කරන නිසා. එකක්, දූෂණය නැතිකෙරුවා අපෙ හාමුදුරුවනේ. ඊළඟට එතුමා කියනවා නාස්තිය අඩුකරනවා කියලා. ඒ නිසා තමයි, බදුවල ගත්තු නිවැරදි තින්දු තීරණ නිසා තමයි අද අපේ රටේ දේශීය ආර්ථිකයට හානියක් වෙලා නැත්තෙ. ඉතින් අද අපට ප්‍රශ්න තියෙනවා, අපි නෑ කියන්නෙ නෑ. තෙල් ප්‍රශ්නය නිසා මිනිස්සු බනිනවා, මිනිස්සු පීඩනයට පත්වෙලා ඉන්නෙ. ඊළඟට ගෑස් ප්‍රශ්නය. ඉතාමත් පීඩනයට පත්වෙලා ඉන්නෙ ජනතාව. හැබැයි මේ ඔක්කොම තාවකාලික ඒවා. අපට ගෑස් නෙවෙයි, තෙල් නෙවෙයි අපට මරණයයි නියම වෙලා තිබුණෙ. ඒත් ජනාධිපතිතුමා අපිව මරණයෙන් ගොඩගත්තා, බේරාගත්තා. අනිවාර්යයෙන්ම මේ තෙල්, ගෑස් ප්‍රශ්නය තව සති කිහිපයක් ගිය ගමන් විසඳනවා කියන එක අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපෙ දෙමාපියන්ට මතක් කරනවා.

හුඟක් අය කියන්නෙ අපට ගම්වලට ආවාම හූ කියනවා කියලා. මම නම් හිතන්නෙ නැහැ. මේ 69 ලක්ෂයක් ඉන්නෙ මේ රටට ආදරය කරන ජනතාවක්. එහෙම ලේසියෙන් හූ තියන්න එන්නෙ නෑ, හූ තියන්න ආවොත් අපි ඉතින් නිකම් ඉන්නෙත් නෑ කියන එක අපි බොහොම ආදරයෙන් මතක් කරනවා. හිරුණිකා ඇවිල්ලා ජනාධිපතිතුමාගෙ ගෙදර ගාවට ගියාම දෙවැනි දවසේ අපේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමා ස්වකැමැත්තෙන් එතෙන්ට ගිහිල්ලා. අපේ ගෙවල් වටළන්න කලින් අපි පෙන්නුවා ඒගොල්ලොන්ගෙ ලොකුම ගෙදර, කාර්යාලය වටළන්න අපට හයිය තියෙනවා කියලා. අපි බොහොම මනුස්සකමෙන් අපේ ජනාධිපතිතුමා දේශපාලනය කරන්නෙ. මේ වගේ ජනාධිපති කෙනෙක් ලංකා ඉතිහාසයේම බිහිවුණේ නෑ. තමන්ගෙ කාර්යාලයට ඇතුළට එන්න අඩි 10ක් තියෙද්දී ගේට්ටුවෙනුත් ඇතුළට ආපු දිසානායක මහත්තයලාගෙ අයට නියපොත්තකටවත් හානියක් නොකර යවපු ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ මේ ජනාධිපතිතුමා විතරයි කියන එකත් අපි මතක් කරනවා”

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (21) බලපිටිය ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...