පාර්ලිමේන්තුවට ගිය රහසිගත නිගමනය!

0
2027

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කර ඇති අතර, විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණු බව සඳහන් වේ.

දින තුනක් පුරා පැවැති මෙම පෙත්සම් විභාගය අද දින අවසන් කරමින් විනිසුරු මඩුල්ල මෙම නිවේදනය නිකුත් කල බව පැවසේ.