ගුවන් තැපෑලෙන් ආ රු. මි.09ක මත්ද්‍රව්‍ය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ඊයේ (15) දින පස්වරුවේදී රුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතදී පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම පාර්සල් කැනඩාව , එංගලන්තය සහ නෙදර්ලන්තය යන රටවල සිට දෙහිවල , වැල්ලවත්ත , වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණු අතර, මෙසේ විවෘත කළ පාර්සල් තුළ තිබී මෙතැම්පටමයින් පෙති 150 ක් , ” කුෂ් ” නැමැති ගංජා ග්‍රෑම් 466 ක් සහ කොකේන් ග්‍රෑම් 10 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවපැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...