ගුවන් තැපෑලෙන් ආ රු. මි.09ක මත්ද්‍රව්‍ය!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ඊයේ (15) දින පස්වරුවේදී රුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙතදී පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම පාර්සල් කැනඩාව , එංගලන්තය සහ නෙදර්ලන්තය යන රටවල සිට දෙහිවල , වැල්ලවත්ත , වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණු අතර, මෙසේ විවෘත කළ පාර්සල් තුළ තිබී මෙතැම්පටමයින් පෙති 150 ක් , ” කුෂ් ” නැමැති ගංජා ග්‍රෑම් 466 ක් සහ කොකේන් ග්‍රෑම් 10 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවපැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...