ශෙහාන්ට මරණ තර්ජන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW):ඊයේ(15) පස්වරුවේ, රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් ලැබුණු දුරකතන ඇමතුමක් ලැබී ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිලකට අනුව කොටුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ,


ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත්, තමා සතුව ‘ආයුධයක්‘ ඇති බවත් මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්‘ කියමින් අදාළ පාර්ශ්වය මගින් තර්ජනය කළ බව කොටුව පොලීසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසේ.

තර්ජනය සිදු කළ පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණ අවසර ගැනීම පොලීසිය විසින් අද දිනය තුළ සිදු කිරීමට නියමිත බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ මෙය පැරැණි ඝාතන සංස්කෘතියක නව හිස වීමක් විය හැකි බවයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ, දේශපාලනික වශයෙන් සිය ගමන අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාව සංවිධානාත්මකව සිදු කරන එකක් විය හැකි බවයි.

අරගලය නමින් සිය නිවාස ගිනිබත් කරන අවස්ථාවේ දී පවා නොබියව දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි තමාගේ දේශපාලන ගමන මෙවැනි බියගුලු ක්‍රියා මගින් ආපස්සට හැරවිය නොහැකි බව අමාත්‍යවරයා වැඩිව්දුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...