හෙට පායන තරු දකින තරගාවලියක තතු

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 16, කොළඹ (LNW): අවුරුදු 23 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් සූරතාවලියේ විස්සයි විස්ස තරගාවලියේ දී කොළඹ කණ්ඩායම ඉදිරියේ මහනුවර කණ්ඩායමත්,දඹුල්ල කණ්ඩායම ඉදිරියේ ගාල්ල කණ්ඩායමත් පරාජයට පත් වුණා.කොළඹ,මහනුවරට එරෙහිව ලකුණු 61 ක ජයක් ලබද්දි,දඹුල්ල ලකුණු 14 න් ගාල්ල කණ්ඩායම පරාජයට පත් කළා.


කොළඹ සහ මහනුවර තරගයේදී කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.කොළඹ වෙනුවෙන් ඉණිම ආරම්භ කළ නායිකා ශිකාරි ද සිල්වා මෙන්ම අශිනි කෞශල්‍යයා ද පළමු මොහොතේ සිටම ආක්‍රමණශීලී වේගවත් පිති ප්‍රහාරයක් දියත් කරන්නට උත්සාහ කළා.ඒ නිසා 11 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී ශිකාරි දැවී යන විට ලකුණු පූවරුව 92 දක්වා ඉහළ නැඟ තිබුණු අතර ශිකාරිගේ දායකත්වය පන්දු 32 දී ලකුණු 42 ක් ව තිබුණා.ඔවුන්ට මේ තරගයේදී අහිමි වූයේ කඩුලු 2ක් පමණයි.දෙවන කඩුල්ල ලකුණු 147 දී දැවී ගියේ කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණයේ ම ග පෙන්වන්නිය වෙමින් පන්දු 58 දී ලකුණු 86 ක් ලැබූ අශිනි කෞශල්‍යා වන අතර මොවුන්ගේ දායකත්වය නිසා පන්දු ඕවර් 20 නිමාවේ කොළඹ කණ්ඩායමට කඩුලු 2 ක් දැවී ලකුණු 152 ක් ලබා ගන්නට හැකි වුණා.


දැවී ගිය කඩුලු දෙකම මහනුවර කණ්ඩායම වෙනුවෙන් දවා ගත්තේ දෙවාගි ජෙගනාදන් වන අතර ඇය ඒ සඳහා සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 33 ක් ලබා දුන්නා.පිළිතුරු ඉණිමට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් කිසිඳු පිතිකාරිණියකට ලකුණු අතරට ඒමට ඉඩ ලැබුණේ නැහැ.ඉලක්කම් දෙකේ ලකුණු ලෙස සටහන් වූයේ සෙව්මිණි ශෂිකලා (15),නෙත්මි ගුණරත්න (12) සහ ප්‍රමුදි මෙත්සරා (12) ලබා ගත් ලකුණු පමණයි.


පන්දු යැවීමේදී කැපී පෙණුන ක්‍රීඩිකාව වූ නෙත්මි අංජනා ලකුණු 11 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.පන්දු රැකීම ඉතා හොඳින් පවත්වාගෙන යන්නට කොළඹ කණ්ඩායමට හැකි වූ නිසා කඩුලු 3 ක් ම දුවද්දී දැවි යාමට ලක් වුණා.මහනුවර ඉණිම පන්දු ඕවර් 18.3 දී ලකුණු 91 ට නිමා වුණා.
දඹුල්ල සහ ගාල්ල අතර පැවති තරගය ලකුණු හිඟ තරගයක් බවට පත් වුණා.කාසියේ වාසිය ලැබ පන්දුවට පහර දුන්න දඹුල්ල කණ්ඩායම ලකුණු 83 ට දැවී ගියා.එම දවා ගැනීම සඳහා මුල් වූ ක්‍රීඩිකාව වූ යසන්ති හේරත් දඹුල්ල අයත් වන මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවක් වීමත් අපූරු දෙයක් වුණා.ඇය ලකුණු 13 ට දඹුල්ල කණ්ඩායමේ කඩුලු 3 ක් දවා ගත්තා.දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හොඳම ඉණිම ක්‍රිඩා කළේ ජනාධි අනාලි යි.ඇය ලකුණු 26 ක් ලබා ගත්තා.දුලංගා දිසානායක නොදැවී ලකුණු 19 ක් එක් කළා.
පිළිතුරු ඉණිමට පිවිසි ගාල්ල කණ්ඩායම සතුව දෙව්මි විහංගා වැනි පිතිකාරිණියන් සිටිය ද,දඹුල්ල පන්දු යවන්නියන් සටන්කාමීය තරගයට පිවිසුණා.අංක 7 දක්වා කිසිඳු පිතිකාරිනියකට ඉලක්කම් දෙකේ සිමාවට පැමිණීමට ඉඩ නොඳුන් දඹුල්ල පන්දු යවන්නියන් ලකුණු නොදීම ආරම්භක පිතිකාරිණියන් දෙපළම පිටියෙන් ඉවත් කළා.අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි චමෝදි දේවින්ද්‍යා ලකුණු 15 ක් රැස් කළ අතර යසන්ති හේරත් පිත්තෙන් ද නොදැවී ලකුණු 10 ක් එක් කරන්නට සමත් වුණා.සෙසු ක්‍රිඩිකාවන් නව දෙනාගේම නම ඉදිරියේ සටහන් වූයේ එක ඉලක්කමක ලකුණු ප්‍රමාණයක් පමණයි.


හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රිඩකයෙක් ලෙස පතල තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ පවතින ක්‍රිකට් පරිපාලනයට විවේචන එල්ල කරමින් ක්‍රිකට් ගොඩ නැඟීමේ කාර්යයට එක්වීමේ අදහසින් යම් යම් අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.නමුත් දේශපාලන වශයෙන් නිදහස් වූ ක්‍රිකට් දැන් යම් ආකාරයක යහපත් තත්ත්වයක් පෙන්වනවා.මේ අතර කිසිඳු විවේචනයක් දක්ෂයෙකුගේ භාවිතාවන්ට හරස් නොවන බව පැහැදිළි කරමින් මේ තරගයේදී පළමු වරට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජවලට සම්බන්ධ දක්ෂ ක්‍රීඩිකාවක වන ඩිල්ෂාන්ගේ දුව ලිමිණි තිලකරත්නට මේ තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දී තිබුණා.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන ලිමිණි මෙහිදී පිතිකාරිණියක ලෙස අසාර්ථක වුව ද,පන්දු යවන්නියක් ලෙස ලකුණු 9 ට කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.එසේම නායිකා විදුහිකා පෙරේරා ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත් අතර ජනාධි අනාලි ලකුණු 19 ට ද,දුලංගා දිසානායක ලකුණු 10 ට ද කඩුලු 2 බැඟින් දවා ගන්නය සමත් වුණා.මේ දස්කම් හේතුවෙන් ගාල්ල ඉණිම ලකුණු පූවරුව ලකුණු 69 ක්ව තිබියදී 19 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී නිමාවට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...