අපේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවාදීලා නෑ. ඉවත් වෙන්න වුණත් සූදානම් – මහින්දගෙන් ආණ්ඩුවට රතු එළියක් !

0
534

තම පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවාදී නොමැති බවත් රට වෙනුවෙන් අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් වීමට වුවත් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – කොහොමද පොහොට්ටුවේ දේශපාලන කටයුතු ?

“අපි සාකච්ඡා කළා අදත් දේශපාලන කටයුතු පිළිබඳව. බොහොම ශක්තිමත්ව යනවා ඉදිරියට”

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා ඉල්ලන්නෙ මහමැතිවරණයක්ද ? ජනාධිපතිවරණයක්ද ?

“ඕනෙම එකකට අපි සූදානම්. මහමැතිවරණයක් දෙනවා නම් මහමැතිවරණයට සූදානම්, ජනාධිපතිවරණය තියනවා නම් ඒකට සූදානම්. ඒක හින්දා අපට ඒකෙ ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – සමහර අය කියනවා පොදුජන පෙරමුණ ඉල්ලන්නෙ මහමැතිවරණයක් කියලා ?

“නෑ, නෑ. අපට මහමැතිවරණය දුන්නොත් මහමැතිවරණය, ජනාධිපතිවරණය දුන්නොත් ජනාධිපතිවරණය, දෙකටම අපි සූදානම්. ඉතින් සමහරු කැමතියි මහමැතිවරණයකට, සමහරු කැමතියි ජනාධිපතිවරණයකට. නමුත් අපි ඕනෙ එකකට සූදානම්”

ප්‍රශ්නය – දැන් මේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා මහමැතිවරණය ඉල්ලන්නෙ මේ කොටස් වෙළඳපොලේ වාසිගන්න කියලා ?

“මොන පිස්සුද අනේ …”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජනාධිපතිතුමා කියපු දේ ….?

“ඒක පිළිගන්නෙ නෑ”

ප්‍රශ්නය – ඔබතුමා ජාතික සම්පත් විකිණීම ගැන තරයේ ලියුමක් දාලා තිබුණා ?

“ඔව් ඉතින් ඒක එහෙම තමයි අපි ඉස්සර ඉඳන්ම. මං හිතන්නෙ මම විතරක් නෙවෙයි, අපේ පක්ෂයේ වැඩිදෙනා, 99% ක් ඉන්නෙ ඒ මතයේ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල අනුමත කරන්නෙ නෑ ?

“අනුමත කරන්නෙ නෑ”

ප්‍රශ්නය – දැන් චෝදනාවක් තියෙනවා ඔබතුමාලාත් ආණ්ඩුවෙම ඉන්නවා, එහෙම ඉන්න ගමන් මෙහෙම කියන්නෙ ඇයි කියලා ?

“නෑ, ඉතින් ඒකෙ අයිතිය තියෙනවානෙ අපට. ස්වාධීනත්වය. අපේ ස්වාධීනත්වය පාවාදීලා නෑ ආණ්ඩුවට. ආණ්ඩුවෙ හිටියට අපේ ස්වාධීනත්වය පාවාදීලා නෑ. අපේ මතය ප්‍රකාශ කරන්න අපි ඕනෙම වෙලාවක සූදානම්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමන්ලා අකමැති දේවල් කළොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වුණත් සූදානම්ද ?

“ඕනෙම එකකට අපි සූදානම්, රට වෙනුවෙන්. රට වෙනුවෙන් තීන්දුව ගන්න සූදානම්”

ප්‍රශ්නය – අපේක්ෂකයා ගැන මොකද වෙන්නෙ ? තව කොච්චර කල් යයිද ?

“ඉන්නකො, ඉන්නකො. පොඩ්ඩක් ඉවසලා ඉන්නකො අනේ ….”

ප්‍රශ්නය – ඔබතුමාගෙ හිතේ කවුද ඉන්නෙ ?

“ඉන්නවා, ඉන්නවා …. හිතේ නම් ගොඩක් ඉන්නවා ….”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN