වැලිවේරිය ඝාතන නඩුවේ තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරිය ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

එම නඩු තීන්දුව පසුගිය අප්‍රේල් 30 දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණු නමුත් එය මැයි 17 වනදා දක්වා කල්තැබීමටයි එදින ගම්පහ මහාධිකරණය නියම කරන ලද්දේ.

පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ප්‍රමාද වීම හේතුවෙන් මෙසේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බව සඳහන්.

ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් එම ප්‍රදේශවාසීන් 2013 අගෝස්තු 01 වනදා වැලිවේරිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූ අතර එහි කඩාවැදුණු බ්‍රිගේඩියර්වරයකු ප්‍රමුඛ යුධ හමුදා කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් තරුණයකු මරුමුවට පත්වූ අතර තවත් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා 94ක් ගොනුකරමින් මෙම නඩුව පවරා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...