*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

රෝගී අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තියක්!

කොළඹ LNW:රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමග පැවති සාකච්ජාවේදීය.

මෙහිදී රෝහලේ වාට්ටු, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසයානාගාර ඇතුලු ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර, රෝහලේ සුළු අළුත්වැඩියාවන් සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට‌ උපදෙස් ලබා දී තිබේ.

රෝහලට අවශ්‍ය ඖෂධ ගබඩාව ඉදිකිරිම, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය වැඩිදියුණූ කිරිම, අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිකිරිම සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා අවශ්‍ය ඇස්තමේන්තු කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන ලබන වසරේ දී ලබාදීමට පියවර ගන්නා ලෙසටද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන පරිදි රෝහල් ගතවන රෝගීන් 07 දෙනෙකුගෙන් එක් අයෙක් අවම වශයෙන් රෝහලේ දී කිසියම් ගැටළුවකට මුහුණු දෙන බවත්, එය ගෝලීය තත්ත්වයක් බවත් රමේෂ් පතිරණ මහතා කියාසිටියේය.

මේ සම්බන්ධව ලෝකයේ මතවාදය නම් මීට වඩා රෝගීන් සමග සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුහඳතාවය වැඩිදුයුණු කර ගත යුතු බවත්, රෝගී ආරක්ෂාව යන කරුණ මෙරට සෞඛ්‍ය සේවාවේ ද අවධානය යොමු විය යුතු කරුණක් බවත් පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේත් දී ඉදිරියේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් එළිදක්වන බවත්, එය අනාගතයේ දී නීතියක් බවට පත්වීමේ හැකියාවක් පවතින බව ද සදහන් කරන ලදී.

ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි නිරීක්ෂණ රටවල් 50 ක ඇද ඉහ වාර්ථා ටිකට් එකට සම්පූර්ණ ප්‍රවේශය ලැබෙන බවත්, රෝගීන්ට සහ ඥාතීන්ට ඉදිරි කාලයේ දී මේ සියළුම ලිපි ලේඛණ, සියළු තොරතුරු ලබාදිමට සිදුවන බවද පැවසූ අමාත්‍යවරයා වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමහර වෙලාවට රෝගියාට ඇහුම්කම් දීම මදි කියන කාරණය ලොව පුරාම රෝගීන්ගෙන් තිබෙන මතයක් බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය වසරේ පැමිණිලි 700 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවද පැවසුවේය.

ඒ පිළිබද විවිධ මට්ටමේ පරික්ෂණ සිදු කෙරන බව පැවසූ අමාත්‍යවරයා රෝගීන්ට ඇහුම්කම්දීමේ ක්‍රමවේද සකස් කරන්න අමාත්‍යාංශයට සිදු වන බවත්, එය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් බවද සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan