කමල් අද්දරආරච්චි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට?

Date:

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව ඔහු හෙළිකර ඇත.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පසු ඔහුට රටට වැඩක් කිරීම සඳහා මහජන නියෝජිතයෙකු ලෙස පත් ජනතා ඡන්දයෙන් පත්වීමේ කැමැත්තක් ඇති වූ බවත් ඒ අනුව ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට තමන් සුදානම් වූ බවත් කමල් අද්දරආරච්චි මහතා සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් ඒ සඳහා දිස්ත්‍රික්කයක් තෝරා ගැනීමේදී වූ ගැටළු පිළිබඳව සාකච්ඡාවේදී කරුණු හෙළි කර තිබෙන අතර, අවසානයේ පාඨලි චම්පික, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට පැමිණීමත් සමඟ ඔවුන්ට අපේක්ෂකත්වය ලබාදීමට සිදුවීමෙන් තමන්ට ඇති වූ අවස්ථාව අහිමි වී ගිය බවද අද්දරආරච්චි මහතා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තමන්ට කණගාටුවක් ඇති වූ ද මැතිවරණය අවසන් වී මාස කිහිපයක් ගතවන විට මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල වන විට තමන්ට අපේක්ෂකත්වය අහිමිවීම සම්බන්ධයෙන් සතුටක් ඇති වූ බවද කමල් අද්දරආරච්චි මහතා මෙම සංවාදයේදී ප්දවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...