කූඹි, පළඟැටි සහ රැහැයි ….

Date:

පායනා කාලෙදී
රැස් කරපු කෑම ඇති
අපේ අල්ලපු ගෙදර කූඹියා
සංගීත පන්ති යයි

රෑ මැදියමේ පවා
ටිකක් යට ස්වරයකින්
නියම ශ්‍රැතියට පිටින්
පළගැටියාගේ සිංදු
දිගට ප්‍රැක්ට්ස් කරයි

පළගැටියා රෝහලේ
ඇල්කොලික් සිරෝසීස්
දැන් ටිකක් අමාරුයි
නිවුස් කෙල්ලෙක් කියයි

රේඩියෝ එක දිගට
කියයි පළගැටි ගීත
ප්‍රේම ආයාචනා
හදේ සංවේදනා
අපේ නෙත් බර කරයි

කුඹි හඬකින් ඇහෙන
පරණ පළගැටි සිංදු
යම් වෙනත් සෝකයක්
දරාගෙන ගලා එයි

කූඹි පාටියක දී
ඇහෙන පළගැටි ගීත
කූඹි රතු රැළියක දි
මැරෙන පලගැටි ගීත
සිරෝසිස් හදනවද
මට හිතෙයි

තනියෙන් ම පාඩුවේ
මැදියමේ ගී ගැයූ
රැහැයියන් පවා දැන්
අඳයි, බිහිරියි, ගොළුයි
උන්ට
බයයි, සීතයි, තනියි ….

~ ඉසුරු චාමර සෝමවීර

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...