ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරයක් ​​දැඩි මීදුමක් සහිත කඳුකරය තරණය කරමින් සිටියදී ඊයේ(19)දිනයේ කඩා වැටුණු බවත්, අධික මිදුම හේතුවෙන් අනතුර සිදුව ඇති ස්ථානයට ළඟා වීම අසීරු කර ඇති බවත්, අනතුරෙන් පසු රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිරබ්ඩොල්ලාහියන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රොයිටර් වාර්තා කර තිබේ.

ඉරාන-අසර්බයිජාන් දේශසීමා ප්‍රදේශයේ සිට ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටැබ්‍රිස් නගරයට යමින් සිටියදි මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ ප්‍රදේශය අධික සිතල , වැසි සහ මීදුම සහිත කාලගුණික තත්ත්වයක් ඇති බවත්, වැස්ස ටිකෙන් ටික හිම බවට හැරවීමත් සමඟ මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇති බවයි.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA පැවසුවේ රයිසි එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කළ බවත්, ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා හමුදාවේ සහ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක භටයින්ගේ සියලු සම්පත් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලෙස නියෝග කළ බවයි.

මෙම අනතුර අසල්වැසි රටවල කනස්සල්ලට හේතු වී ඇති අතර තුර්කිය ඉරාන බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඩ්‍රෝන යානයක්, හෙලිකොප්ටරයක්, වාහන සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති අතර යුරෝපා සංගමය හදිසි චන්ද්‍රිකා සිතියම්කරණ තාක්ෂණය ඉදිරිපත් කර තිබේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ, 85 හැවිරිදි උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනිගේ ඉදිරි වසර කිහිපය තුළ පාලන තන්ත්‍රයේ විශාල වෙනසක් සඳහා දැනටමත් සූදානම් වෙමින් සිටි අවස්ථාවක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු සහන අපේක්ෂාවෙන් විපක්ෂ නායක හා ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලයක් අතර හමුවක්!

කොළඹ LNW:තවදුරටත් බදු සහන ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක...

ඇමරිකාවෙන් ඉන්දියාවට පැනවූ බදු ප්‍රහාරයේ අහිතකර පැතිකඩ!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: රුසියාවෙන් තෙල්...

රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද...

‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...