අදත් පිල් මාරුවක්! සජබෙන් එජාපෙට ගියේ කවුද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සහ අමාත්‍ය මනූෂ නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති හමුවකදී, මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා මෙහිදී නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වේ.

එහිදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් දක්වමින් පැවසුවේ,

” සජබය කියනවා රනිල් වික්‍රමසිංහ ජන්දය ඉල්ලන්නේ නෑ කියලා. එයාලා දන්නවා එයාලට මරු පහරක් රනිල් වික්‍රමසිංහ ජන්දය ඉල්ලනවා කියන එක කියලා . ඒනිසා සජිත් එහෙම කිය කියා යනවා. ඒ නිසා වැරදි ප්‍රචාරයක් ගෙනියනවා . රට ගොඩ නැගීම එතුමා ක්‍රියාත්මක කරනවා. නිලවශයෙන් එතුමා ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කරාවි.

සජබය බලය අත්පත් කරගෙන ඉන්නේ අද වියත් මගේ හිටපු අය. ඊයේ සජබයේ අයට සජිත් රෑ කෑමක් දීලා. හැබැයි නාලකලගේ ජීඑල්ලගේ ආර්ථික ප්‍රතිපත්තියක් දැන් තියෙන්නේ. බොහෝ අය 3% ගමනට වැටෙන්න දැන් ගමන යනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...