විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් අද (22) ගොණු කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය හා එම් ටී වී චැනල් පුද්ගලික සමාගම විසිනි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ආයතනවල කටයුතු කෙරෙහි එකී පනත් කෙටුම්පතේ යෝජිත ඇතැම් සංශෝධනයන් මගින් සිදුවන අගතිදායක බලපෑම සහ එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔවුන් තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙන අතර
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ඒ වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් නීතියක් බවට පත් නොකර ජනමත විචාරණයක් සිදු කරන ලෙසටද පෙත්සමේ දක්වා ඇත.

විෂයභාර අමාත්‍යවරයාගේ හෝ බලධාරීන්ගේ අභිමතය පරිදි මාධ්‍ය ආයතන සඳහා නීති සකස් කිරීමටද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා අවස්ථාව පවතින බවද එමඟින් පෙන්වා දී තිබේ.

ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නියෝගයක් ලෙසයි එම පෙත්සම් මඟින් ඉල්ලා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...