රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව විවෘත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW):සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව විවෘත කරණු ලැබීය.

එමඟින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මෙහි ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයක් වේ.

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා තිබෙන අතර, ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පළමු ඖෂධ මිළදී ගැනීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිදු කළ අතර, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ රුව සහිත ඡායාරූපයකට උපහාර පිඳීම ද සිදු කෙරුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...