මහ බැංකුවේ නවතම හෙළිදරව්ව!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW):ලංකාවේ ගිණුම් හිමි කාන්තාවන් සාමාන්‍ය හා දකුණු ආසියාවේ ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය හා සසඳන විට එය 89% ඉක්මවා සිටින බවත්, දකුණු ආසියාතික රටවල ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය 65.8% ක් වන අතර, එම අගය ශ්‍රී ලංකාවේ 89.3% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

තවද, සම කලාපීය සහ සම ආදායම් රටවල් හා සසඳන විටද වයස අවුරුදු 15 ත් 24 ත් අතර ගිණුම් හිමි තරුණ පිරිස ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතර, එය ප්‍රතිශතයක් ලෙස 86% ක් බව පැවසේ.

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 15 ට වැඩි අයවලුන්ගෙන් 89% කට ඕනෑම ගිණුමක් හිමි බවද, දකුණු ආසියාතික රටවල එය ප්‍රතිශතයක් ලෙස 68% කි. පහළ මැදි ආදායම් රටවල එය ප්‍රතිශතයක් ලෙස 62% ක් බවද සඳහන් වේ.

මූල්‍ය ආයතනවල ගිණුම් හිමියන්ගෙන් 32% ක් මුල් වරට ගිණුමක් විවෘත කර ඇත්තේ වැටුපක් හෝ රජයේ ගෙවීමක් ලබා ගැනීමට බවද හෙලිදරව් වී ඇති බව මහ බැංකුව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...