මහ බැංකුවේ නවතම හෙළිදරව්ව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW):ලංකාවේ ගිණුම් හිමි කාන්තාවන් සාමාන්‍ය හා දකුණු ආසියාවේ ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය හා සසඳන විට එය 89% ඉක්මවා සිටින බවත්, දකුණු ආසියාතික රටවල ගිණුම් හිමි කාන්තාවන්ගේ සාමාන්‍ය 65.8% ක් වන අතර, එම අගය ශ්‍රී ලංකාවේ 89.3% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

තවද, සම කලාපීය සහ සම ආදායම් රටවල් හා සසඳන විටද වයස අවුරුදු 15 ත් 24 ත් අතර ගිණුම් හිමි තරුණ පිරිස ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතර, එය ප්‍රතිශතයක් ලෙස 86% ක් බව පැවසේ.

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 15 ට වැඩි අයවලුන්ගෙන් 89% කට ඕනෑම ගිණුමක් හිමි බවද, දකුණු ආසියාතික රටවල එය ප්‍රතිශතයක් ලෙස 68% කි. පහළ මැදි ආදායම් රටවල එය ප්‍රතිශතයක් ලෙස 62% ක් බවද සඳහන් වේ.

මූල්‍ය ආයතනවල ගිණුම් හිමියන්ගෙන් 32% ක් මුල් වරට ගිණුමක් විවෘත කර ඇත්තේ වැටුපක් හෝ රජයේ ගෙවීමක් ලබා ගැනීමට බවද හෙලිදරව් වී ඇති බව මහ බැංකුව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...