වැස්සෙන් ජන ජීවිතයට බාධා,පුත්තලමට වැඩිම හානි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW): දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති මෙම වැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 43,792 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවත්, පවතින වැසි තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සක්‍රීය වූ නිරිතදිග මෝසම් වර්ෂාව දිවයිනේ දිස්ත්‍රික්ක 19කට බලපෑම් එල්ල කර ඇති අතර ඒ අනුව වැසි හමුවේ පහත්බිම් තවදුරටත් ජලයෙන් යටවී තිබෙන අතර, වැඩිම හානියක් සිදුවී ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ පහත්බිම්වල රැඳී සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදාවත් එක්වී සිටින බව වාර්තා වේ.

කළු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය මේ වනවිට ගංවතුර මට්ටමක් දක්වා ළගාවී ඇති අතර,   මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. 

ගුරුගල් ඔය ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇති අතර කටුගස් හීන්න දිය ඇල්ල, සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දියඇලිවලින් ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ. වැසි සමග ඇතිවූ සුළං තත්ත්වයකින් ගම්පොළ කුරුඳුවත්ත ගඟේ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාක්ෂාව ප්‍රදේශයේ නිවාස පෙළකට හානිවී තිබුනු බවද වර්තා විය. 

ඒ අනුව නිවාසවල රැඳී සිටි පුද්ගලයින් 80 දෙනෙකු තාවකාලිකව ප්‍රදේශයේ පාසලකට යොමු කෙරුණු බවත් වාර්තා වන අතර, දිස්ත්‍රික්ක 7කට අදාළව නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත් වෙයි. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 11,548ක, පුද්ගලයින් 43,792ක් පමණ පීඩාවට ලක්වී සිටින බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...