නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි!

Date:

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගොණු කළ පෙත්සම සලකා බැලීම සදහා දින නියම කර තිබේ.

ඒ අනුව එම පෙත්සම එළඹෙන ජූලි 25 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

මෙම පෙත්සම ගොණු කර තිබෙන්නේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසකි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) එම පෙත්සම කැඳවා තිබුණු අතර එහිදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා කරුණු දක්වමින් විරෝධතා ගොණු කිරීමට දිනයක් ඉල්ලා සිටි අතර එම විරෝධතා ජුනි 25 වනදා හෝ ඊට පෙර ලබා දෙන ලෙසයි නියෝග කෙරුණේ.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...