(VIDEO):පාළු ගෙයි වලං බිදින්න දෙයක් නෑ. මුහුණට මුහුණ හමුවෙමු – හර්ෂ

කොළඹ LNW:මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන පරිදි විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල විදෙස් ණය හිමියන් පිළිගත්තේ නම් එම වැඩපිළිවෙල ගැන ප්‍රසිද්ධියේ සාකච්ජාවක් කිරීමේ ප්‍රශ්නයක් නොමැති අතර තවදුරටත් පාළු ගෙයි වලං නොබිද මුහුණට මුහුණ එම වැඩපිළිවෙල ගැන කතා කිරීම වැදගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

විදෙස් ණය හිමියන් වෙත ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද යෝජනාව මෙන්ම ඔවුන් එකඟ වූයේ කුමන කාරණාවලටද යන්න පිළිබඳ සාකච්ජා කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත නොකර මේ ගමන යා නොහැකි අතර එය නිරවුල් කරගත යුතු වන බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මැදි වී සිටින්නේ ආර්ථික යුද්ධයකට වන හෙයින් එය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන වැඩපිළිවෙල අතිශය වැදගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජිබුටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 109ක් මරුට – 116කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : පුද්ගලයන්...

බාල ගල් අඟුරුවලින් රටට කිසිම බරක් නෑ. කෝටි 122ක් වැඩිපුරත් ලැබිලා – හිටපු ඇමති කුමාර

2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර...

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...