පිල් මාරුවේ දින වෙනස් වෙයි. ගාණත් වෙනස් වෙයි !

Date:

ජනාධිපතිවරණ උණුසුම වැඩිවෙද්දී මේ දවස්වල ලංකාවේ දේශපාලනයත් හරියට කාලගුණය වගේමයි. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට වෙනස් වෙනවා.

මැයි 31 වෙනිදා විපක්ෂයෙන් ආණ්ඩුවට පිරිසක් එකතු වෙන්න නියමිතයි කියලා අපි මීට කලින් පුවතකින් කිව්වා. ගාණ හතක් කියලා තමයි කිව්වේ. කොහොම වුණත් මේ වෙද්දී කතාව පොඩ්ඩක් වෙනස් වෙලා ලු.

අලුත්ම ආරංචි අනුව පිල් මාරුව සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වෙන දවසකදී. වැඩේ කෙරෙන විදිහ ගැනත් කතා දෙකක් තියෙනවා.

එකකින් කියවෙන්නේ ජුනි 04 වෙනිදා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු තුන්දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවා කියලායි.

අනිත් කතාව අනුව ජුනි 03, 04 සහ 05 යන දිනවල එක්කෙනා බැගින් මේ අය සජබ ඉඳන් ආණ්ඩු පක්ෂයට එකතු වෙන්න ලු ඉන්නේ.

මේ අය අතරේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකුත් ඉන්නවා කියලා ආරංචියි.

කොහොමවුණත් ඔය පිල් මාරුව ගැන දැන් අවුරුදු දෙකක් තිස්සේ විටින් විට කියවෙන නිසා අවසන් මොහොත වෙනකල් හරියටම කියන්න බෑ. නමුත් මේ පාර නම් වැඩේ වෙනවාමයි කියලා තමයි ආණ්ඩුව පැත්තේ කට්ටිය කියන්නේ. බලාන ඉන්නයි තියෙන්නෙ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම