ප්‍රධාන ගංගා පහක ජල මට්ටම් ඉහළට.අවධානම ගැන අවධානයෙන් පසුවන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

Date:

කොළඹ LNW:කැලණි, කළු, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවල ජල මට්ටම සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මෙම ගංගාවල ජල මට්ටම ඉහළ යමින් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නවතම නිවේදනයට අනුව කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයෙනි.

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර බද්දේගම ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇත්තේ කළු ගඟේ ජල මට්ටමයි.

නිල්වලා ගඟේ ජල මට්ටම පනාදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව සඳහන්.

මේ අතර මහවැලි ගඟේ ජල මට්ටම නාවලපිටිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවය.

මෙලෙස ගංගා වල ජල මට්ටම් ඉහළ යාම ක්ෂණිකව සිදුවන හෙයින් මේ ගැන මහජනතාව අවධානයෙන් පසුවෙමින් අතුගංගා හරහා ගමන් කිරීම, දිය නෑම ආදියට ජලයට නොබසින ලෙසයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...