ගමේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල ක්‍රිකට්වලට ඉහළ ඇගයීමක් ලැබුණ පාසල් ක්‍රීකට් සම්මාන උළෙල

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 30, කොළඹ (LNW): අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂයන් ඇගයීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලිකත්වය ගනිමින් නෙළුම් පොකුණ රඟහලේදී සංවිධානය වී තිබුණා.එහිදී දෙවන කාණ්ඩයේ සහ තෙවන තෙවන කාණ්ඩයේ තරගාවලිවලදී ග්‍රාමීය පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල ක්‍රීඩකයන් විශාල වශයෙන් ඇගයීමට ලක් වීම කැපී පෙණුනා.


විශේෂයෙන් ග්‍රාමීය පාසල්වලට වඩා විශාල වශයෙන් භෞතික පහසුකම් ඇති කොළඹ පාසල්වලින් ද දෙවන පෙළ සහ තෙවන පෙළ කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණත්,ගමේ පාසල්වල ක්‍රීඩක දක්ෂතා ඒ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ හැකියාවන් අභිබවා යන තරමට ඉහළින් පවතින බව මෙම සම්මාන හරහා පිළිඹිඹු වුණා.කොළඹ පාසල්වල දායකත්වය කොපමණ ද,සුපිරි පාසල්වල ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් මෙන්ම ක්‍රීඩා කරන්නට සිටින ප්‍රමාණය කෙතරමි ද යන්න තේරුම් ගැනීමට පහසුම කාර්යයක් වූයේ කොළඹ රාජකීය විද්‍යාලය අවුරුදු 15 න් පහළ කන්ඩායම් තුනක් කාණ්ඩ තුන හරහා ඉදිරිපත් කිරීමයි.රශාන් පීරිස්ගේ පුහුණුකාරීත්වයෙන් නැඟිටින එම කණ්ඩායම් තුනම 15 න් පහළ කාණ්ඩ තුනේ සූරතාවය දිනා ගැනීමත් කැපී පෙණුනා.


සමස්ථ සම්මාන ප්‍රදානෝත්සවය පහත යූටියුබ් සබැඳියෙන් නැරඹිය හැකියි.
https://www.youtube.com/live/N6fHeDXdca0
මෙම සම්මාන උළෙලටම පාසල් කාන්තා ක්‍රිතට් ඇගයීමත් ඇතුළත් කළ හැකිනම් එය ද අපූරු දිරි ගැන්වීමක් වෙනු ඇති බව අපේ වශ්වාසය වන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...