රංගේ සඳුදට විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එළඹෙන සඳුදා දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් පසුවෙයි.

පසුගිය අඟහරුවාදා දින සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු විසින් වසර දෙකකට මැතිවරණ කල්දැමීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

පාර්ලිමේන්තුවේ එකඟතාවෙන් හා ජනමත විචාරණයකින් තවත් වසර දෙකක කාලයකට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට පාලනය කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතු බවටයි ඔහුගේ අදහස වුණේ.

ඊට දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු සාතිශය බහුතරයකගේ විරෝධය එල්ල වූ අතර සිරිකොත ඉදිරිපිට ඊට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබීය.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙන අන්දමට ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතුවන ජනාධිපතිවරණය කල්දැමීම සඳහා රංගේ බණ්ඩාර මහතා විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශය තවදුරටත් ආන්දෝලනයට ලක්ව තිබෙන පසුබිමක ඒ සම්බන්ධයෙන් මතුව තිබෙන සියලුම ප්‍රශ්න වලට තමන් සඳුදා දින පිළිතුරු දීමට සූදානම් බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...