ළඟම පාසල හොඳම පාසල නොව සෑම පාසලක්ම සුහුරු පාසලක් හොඳම පාසලක් විය යුතුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමාජය තුළ විවිධාකාරයේ තරගකාරීත්වයක් පවතින බවත් සීමාමායිම් නොමැතිව තරගය වැඩි වන විට ගහගැනීම්, මරාගැනීම්, කපාගැනීම්, වෙඩි තියාගැනීම් සිදු වන බවත් ඒවා නූගත් සමාජයක ලක්ෂණ නිසා අප තරග කළ යුත්තේ දැනුමෙන්, තර්කවලින්, බුද්ධියෙන්, තොරතුරුවලින් හා දත්තවලින් බවත් ඒ සඳහා ‘සුහුරු පාසල හොඳම පාසල’ කියන සංකල්පය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

‘ළඟම පාසල හොඳම පාසල’ කියා කිව්වත් දියුණු වුණේ පාසල් කිහිපයක් නිසා ‘සෑම පාසලක්ම සුහුරු පාසලක් හොඳම පාසලක්’ විය යුතු බවත් එය සමගි ජන බලවේගයේ සංකල්පය බවත් ඒ තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ශක්තිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට මුල්කිරිගල වරාපිටිය මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 212 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

ලෝකයේ අනෙකුත් රටවල පාසල්වල සුහුරු පන්ති කාමර සුලබ දෙයක් වුවත් අප රටේ ජනප්‍රිය පාසල් කිහිපයක් හැරුණු කොට සෙසු පාසල්වලට සුහුරු පන්ති කාමර සිහිනයක් වී තිබූ බවත් මෙය තවදුරටත් ලොකු ලොකු පාසල්වලට පමණක් සීමා නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 212ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2361ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...