තායිපේ දී පැරා මේස පන්දුවෙන් ලංකාවට රන් සහ ලෝකඩ දිනා දෙන්නට දිනේෂ් සමත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02, කොළඹ (LNW): පැරා මේස පන්දු ක්‍රීඩක දිනේෂ් දේශප්‍රිය තායිපේ හී පැවති පැරා මේස පන්දු තරගාවලියේ දී සිටගෙන ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වී ඇති 9 – 10 ශ්‍රේණිය යටතේ තරග වැද එහි ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට සමත් වුණා.එම කාණ්ඩයේ සූරතාවය දිනා ගත් ස්පාඤ්ඤයේ සෙපාස් අන්දෙර් සමඟ පැවති අවසන් පූර්ව තරගයේදී ලද පරාජය නිසා දිනේෂ්ට එම අංශයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.


මෙම අංශයේ යුගල තරගවලදී පිරිමි යුගල 18 කාණ්ඩයෙන් තරග වැදුණු දිනේෂ්,සිය යුගල සාමාජිකයා වන ජපන් ජාතික ටටේෂී ුරුෆුඅහිරකුෂු සමඟ එක්ව සූරතාවය දිනා ගැනීමට සමත් වුණා.එම රන් පදක්කම සඳහා පැවති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඕස්ට්‍රේලියාව නියෝජනය කළ මිල්සොන් ලුකාස් හේත් සහ කිම් ඉයන් ය.තියුණු තරගයක් වූ එම තරගයේදී දිනේෂ් සහ ඔහුගේ ජපන් සගයා ටටේෂි වට 3-2 ක් ලෙස අවසානයේ ජය අත් කර ගත්තා.


ලකුණු තත්ත්වය වාර්තා වූයේ 5-11,11-7,13-11,4-11 සහ 11-4 ක් ලෙසයි.තායිපේ හී චීන සංස්කෘතික සරසවියේ දී පැවති මෙම තරගාවලියට විවිධ ආබාධ සහිත මේස පන්දු ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්,විවිධ රටවල් නියෝජනය කරමින් එක්ව සිටියා.මැයි 29 සිට ජූනි 1 දා දක්වා දින හතරක් පුරා පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක සහ ලෝකඩ පදක්කමක අභිමානය එකතු කළ දිනේෂ් අද රාත්‍රී 11.00 ට පමණ ඒ ගෞරවණීය ජයග්‍රහණත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...