මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය!

කොළඹ LNW:චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය අද (04) උදෑසන ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කළ සාම්පල රැගෙන සඳ මතුපිටින් ඉහළට පැමිණ තිබෙනවා.

මෙය මානව චන්ද්‍ර ගවේෂණඉතිහාසයේ පෙර නොවූ විරූ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ මොහාතක්. සාම්පල එකතු කිරීම අවසන් වූ පසු, චීන ජාතික ධජයක් ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ සවි කිරීම ද විශේෂත්වයක්.

අදාළ යානය සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර පෙර සැකසූ කක්ෂයකට ඇතුළු වූ බව චීනජාතික අභ්‍යවකාශ පරිපාලනය(CNSA) තහවුරු කළා.

ගගනගාමීන් කාර්යක්ෂමව සිය නියැදීමේ කාර්යය අවසන් කර, සැලසුම් කළ පරිදි අදාළ සාම්පල නියමිත පරිදි ගබඩා කර ඇති බව ද වාර්තා වනවා. මෙහිදී නියැදීමේ කාර්යය‍ට ක්‍රම දෙකක් අනුගමනය කර ඇති අතර, එනම් විදුම් යන්ත්‍රයක් මගින් සහ රොබෝ යන්ත්‍රයක් මගින් මතුපිට සාම්පල එකතු කර තිබෙනවා.

චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ දී ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීමට හැකි පරිදි ප්‍රධාන ගවේෂණ කටයුතු සිදු කළ Chang’e-6 යානයේ පාලන පද්ධතිය වැඩිදියුණු කර ඇති බව චීන අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණ මණ්ඩලයේ අභ්‍යවකාශ විශේෂඥයෙකු වන Qiao Dezhi මහතා ද පැවසුවා. මෙය මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ සිදු කළ සාර්ථකම අභ්‍යවකාශ ගවේෂණයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජිබුටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 109ක් මරුට – 116කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : පුද්ගලයන්...

බාල ගල් අඟුරුවලින් රටට කිසිම බරක් නෑ. කෝටි 122ක් වැඩිපුරත් ලැබිලා – හිටපු ඇමති කුමාර

2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර...

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...