මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ චීනය!

Date:

කොළඹ LNW:චීනයේ Chang’e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය අද (04) උදෑසන ස‍ඳෙහි ඈත ප්‍රදේශයේ සිට එකතු කළ සාම්පල රැගෙන සඳ මතුපිටින් ඉහළට පැමිණ තිබෙනවා.

මෙය මානව චන්ද්‍ර ගවේෂණඉතිහාසයේ පෙර නොවූ විරූ අද්විතීය ජයග්‍රහණයක් සනිටුහන් කළ මොහාතක්. සාම්පල එකතු කිරීම අවසන් වූ පසු, චීන ජාතික ධජයක් ප්‍රථම වරට සඳෙහි ඈත ප්‍රදේශයේ සවි කිරීම ද විශේෂත්වයක්.

අදාළ යානය සිය මෙහෙයුම සාර්ථකව අවසන් කර පෙර සැකසූ කක්ෂයකට ඇතුළු වූ බව චීනජාතික අභ්‍යවකාශ පරිපාලනය(CNSA) තහවුරු කළා.

ගගනගාමීන් කාර්යක්ෂමව සිය නියැදීමේ කාර්යය අවසන් කර, සැලසුම් කළ පරිදි අදාළ සාම්පල නියමිත පරිදි ගබඩා කර ඇති බව ද වාර්තා වනවා. මෙහිදී නියැදීමේ කාර්යය‍ට ක්‍රම දෙකක් අනුගමනය කර ඇති අතර, එනම් විදුම් යන්ත්‍රයක් මගින් සහ රොබෝ යන්ත්‍රයක් මගින් මතුපිට සාම්පල එකතු කර තිබෙනවා.

චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයේ දී ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීමට හැකි පරිදි ප්‍රධාන ගවේෂණ කටයුතු සිදු කළ Chang’e-6 යානයේ පාලන පද්ධතිය වැඩිදියුණු කර ඇති බව චීන අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණ මණ්ඩලයේ අභ්‍යවකාශ විශේෂඥයෙකු වන Qiao Dezhi මහතා ද පැවසුවා. මෙය මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ සිදු කළ සාර්ථකම අභ්‍යවකාශ ගවේෂණයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...