ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි. නව මිල ගණන් මෙන්න !

0
263

සටහන – රුවන් නෙළුගොල්ල

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ගණන් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල අඩුකර ඇත්තේ රුපියල් 28කින් වන අතර එහි නව මිල රුපියල් 712කි.