සුප්‍රසිද්ධ කඳු දෙකකින්ටොන් 11ක කසල ඉවත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එවරස්ට් කන්දෙන් හා හිමාලයේ තවත් කදු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේපාල හමුදාව සඳහන් කරන්නේ, මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක් ද අයත් බවයි.

මෙලෙස ඉවත් කර ඇත්තේ, එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්‍රව්‍යයයි .

ඒ සඳහා නේපාල හමුදාව දින 55ක කාලයක් ගතවී තිබෙන බවද වාර්තා වේ.

මිනිසුන් ඉවතලු අපද්‍රව්‍ය ටොන් 50කට අධික සංඛ්‍යාවක් හා මළසිරුරු 200කට අධික සංඛ්‍යාවක් තවදුරටත් එවරස්ට් කන්ද හා අවට ප්‍රදේශයේ ඇති බවට ගණන් බලා තිබෙන අතර , වසරක් පාසා නේපාල හමුදාව මෙලෙස අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන අතර ඔවුන් මේ වන විට කසල ටොන් 119ක් , මළසිරුරු 14ක් හා ඇටසැකිලි කිහිපයක් ඉවත් කර ඇති බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...