හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයේ 79 වැනි සංවත්සර සැමරුමට ඊශ්‍රායලයට ඇරයුම් නෑ!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අගෝස්තු 9 වැනිදා හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් සාම උත්සවය පැවැත්වීමට නියමිත අතර, මෙම සැමරුම් උත්සවයට බොහෝ රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් වෙත ආරාධනය කර ඇති අතර හිරෝෂිමා නාගසාකි නගරාධිපතිවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයට මේ සඳහා ආරාධනය නොකරන බවයි.

සාමය වෙනුවෙන් පවත්වන මෙම සැමරුමට පලස්තීනයේ ජන සංහාරයක් සිදු කරන ඊශ්‍රායලය වැනි රටක් සහභාගී වීම අවශ්‍ය නොවන බව එයට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත. වහාම සටන් විරාමයක් ඉල්ලා ටෝකියෝ හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ලිපියක් යවන බව නගරාධිපති Suzuki පැවසීය.

සෑම වසරකම මැයි අග සිට ජූනි මස මුල දක්වා නාගසාකි නිලධාරීන් ජපානයේ සියලුම තානාපති කාර්යාල වෙත මෙලෙස ආරාධනා යවන බව සඳහන් වේ. 2022 දී මොස්කව් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වූ දා සිට රුසියාව සහ බෙලරුස් රටවල්ද මෙම සාම සැමරුමෙන් බැහැර කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...