අද (12) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (12) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි...

පොළී සහනයක් සමඟින් නිවාස හා දේපළ ණය සීමාව ඉහළට!

කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති...

ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:දූපත් වැසියන්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:...