ඩීල් එක තියෙන්නේ රනිල් සහ සජිත් පිල අතර.විජිත සාක්ෂිත් එක්කම කියයි!

Date:

කොළඹ LNW:විවාද කිරීමට නොහැකි බංකොලොත්භාවය වස ගැනීමට අනෙක් අයට ඇගිල්ල දිගුකරන්න දිගුකරන්න විහිළුවක් බවට පත්වන්නේ සජිත් ප්‍රේමදාසම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (12) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

විවාද කිරීමට ඇති නොහැකියාව වස ගැනීම සඳහා රනිල් සමඟ ඩීල් තිබෙන බවට ජාතික ජන බලවේගයට චෝදනා කළද සැබෑ ලෙසම ඩීල් එක තිබෙන්නේ රනිල් සහ සජිත් කණ්ඩායම අටහ්ර බව මන්ත්‍රීවරයා පැහැදිලි කරන ලදී.

කෙසේවෙතත් දැන් ඔවුන් පරාජය හමුවේ වියරු වැටී සිටින බවද විජිත හේරත් මහතා කියිස්ටියේය.

”ආර්ථිකය ගැන කතා කරන්න වෙනම කට්ටියක් ඕනේ කියන්නේ ආර්ථිකය ගැන කතා කරන්න සජිත් දන්නේ නැහැ. ඒක තමයි ඒකේ අදහස. ආර්ථිකය ගැන වෙන කට්ටියක් එක්ක කතා කරන්න වෙන ඒවා මගෙත් එක්ක කතා කරන්න කියන්නේ. එහෙම වෙන්න බැහැ. අපේ නායකයා සූදානම් ආර්ථිකය, දේශපාලනය, අනාගතයේ රට හදන විදිහ ඒ සියල්ල පිළිබඳව කතා කරන්න. විවාදයට එන්නේ නැතුව දැන් රනිල් එක්ක ඩිල් කතා කියනවා. කවුද ඇත්තටම රනිල් එක්ක ඩීල් තියෙන්නේ. හරියටම රනිල් එක්ක ඩිල් තියෙන්නේ සමඟි ජන බලවේගයේ කණ්ඩායමට. අපි පහුගිය කාලේ දැක්කා සමඟි ජන බාල්වේගයේ කණ්ඩායම රනිල් එක්ක උගන්ඩාවේ ගියා. ඩුබායි ගියා.ජිනීවා ගියා.වඩිවේල් සුරේෂ් තමයි රනිල් එක්ක ඉස්සෙල්ලම් රට ගියේ. සජබෙ ඉන්න කාලෙම. අනිත් කෙනා අජිත් මාන්නප්පෙරුම. අජිත් මාන්නප්පෙරුම තාමත් සජබෙ තමයි ඉන්නේ. එතකොට රනිල් එක්ක ඩුබායි යනවා.පොළොන්නරුවේ මන්ත්‍රී කින්ස් නෙල්සන් උගන්ඩාවේ ගියා. ඩීල් පප්පලා. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ගෙදර පාටියක් තියනවා. පාටියට රනිල් ආවා කිව්වා. රනිල්ව ගෙදරට ගෙන්නාගෙන පාටියක් දෙන කොට ඩීල් එක එතනම ඔප්පු වෙනවනේ. කාවින්ද ජයවර්ධන කිව්වා සජිත්ටත් කිව්වා නමුත් ආවේ නැහැ කියල. ඒගොල්ලෝ තමයි රැට රැට ඩීල් දාන්නේ. 2023 අයවැය ඉදිරිපත් කරද්දී මුදල් ඇමතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ කිව්වා 2024 සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට මුදල් වෙන්කරනවා ඒ කමිටුවලට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනා අනුව තමයි ප්‍රතිපාදන වෙන් කරන්නේ කියල.විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහුගිය කාලේ ප්‍රතිපාදන වෙන් කළේ නැහැ. හැබැයි සජබෙ මන්ත්‍රීවරු 19 දෙනෙකුට රනිල් වෙනම මුදල් වෙන්කරනවා. උඩින්ම ඉන්නේ කාවින්ද ජයවර්ධන.මෙතන මිලියන 1206ක් සජබෙ මන්ත්‍රීවරු 19 දෙනෙකුට වෙන්කරනවා. ඩීල් එක තියෙන්නේ මෙතැනනේ. ආණ්ඩුවම ප්‍රතිපත්තියක් ගත්තා මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව සල්ලි වෙන් කරන්නේ නැහැ කියල. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට විතරයි සල්ලි දෙන්නේ කියල. හැබැයි එහෙම තියෙද්දී හොර පාරෙම ඩීල් දාලා මුදල් වෙන්කරනවා. මේක ප්‍රසිද්ධ රහසක්. කවුරුත් දන්නවා.” යනුවෙන් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඇත්ත ඩීල් එක ඇත්තේ රනිල් සහ සජිත් කණ්ඩායම වන අතර ඔවුන්ගේ වෙනසක් නැති අබ්වත් එකම කණ්ඩායම දෙකඩ බෙදී සිටීම පමණක් සිදුව තිබෙන බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින් 20,000ක් ඊශ්‍රායලයේ – යුද්ධය උත්සන්න වුණොත් නැවත ගෙන්වනවා – ඇමති විජිත

කොළඹ LNW:ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂාව බව...

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...