පාතාල මර්දනය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් පොලිස්පති ත්‍යාග අරමුදලෙන් තෑගි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්, පාතාල මර්දනය හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් පොලිස්පති ත්‍යාග අරමුදලෙන් රුපියල් දෙකෝටි පනස්නව ලක්ෂයක් බෙදා දීම ඊයේ (12) සිදු වූ බව පැවසේ.

මෙහිදී පුද්ගලික ඔත්තුකරුවන් හා සිවිල් පුරවැසියන් දහසය දෙනකුටද, පොලිස් නිලධාරීන් 459 දෙනකුටද මෙම ත්‍යාග අරමුදල් ලබාදීම අනුමත කර තිබුණු අතර, වැලිඔය ළාබාල දැරියකට කෲර ලෙස පහර දුන් කුකුල් චමින්දගේ ක්‍රියාව වීඩියෝ කර සමාජගත කරමින් රටට පෙන්වූ තරුණයාට රුපියල් ලක්ෂ පහක්ද මෙහිදී ප්‍රදානය කළ බවද සඳහන් වේ. ගංවතුර අවස්ථාවේදී කඩුවෙලදී තම ජීවිතය නොතකා ගංවතුරේ ගසාගෙන ගිය අයකු බේරාගත් සිවිල් වැසියකුටද රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමූ බව වාර්තා වේ.

මෙම කාලසීමාවන් තුළ වැටලීම් සිදුකළ නිලධාරීන් 209 දෙනකුට පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමද පොලිස්පතිවරයා අතින් සිදුවූ බවත්, මෙම උත්සවයට රාජ්‍ය නිවේදන නිලධාරීන් එකොළොස් දෙනකු, පරීක්ෂණ ශ්‍රේණියේ 63 ක්, සැරයන් හා කොස්තාපල් ශ්‍රේණියේ 128 දෙනෙකු එක් වූ බව පැවසේ.

යුක්තිය මෙහෙයුමේදී දක්ෂතා පෙන්වන නිලධාරීන්ට කෙටි කාලයක් තුළ පොලිස්පති ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...