අනතුරට ලක් වූ ගුවන් යානය අයත් සමාගමට ගුවන් තහනමක් !

සකුරායි ඇවියේෂන් ලිමිටඩ් නමැති පෞද්ගලික සමාගමට අයත් ගුවන් යානයක් අද හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා තිබිණි. ගොඩබැස්වීමේදී යානය අනතුරට ලක්ව ඇති අතර මේ නිසා ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොග්ගල සිට ගුවන් ඇරඹූ මෙම ගුවන් යානය සංචාරයකයන් පිරිසක් සමග සීගිරිය බලා ගමන් කරමින් සිටියදී මෙසේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ. ඒ වනවිට ගුවන් යානයේ සිව් දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදීද මෙම සමාගමට අයත් ගුවන් යානයක් පයාගල ප්‍රදේශයට හදිසයේ ආරක්ෂිතව ගොඩබස්වා තිබිණි.

මෙම තත්වය මත සකුරායි ඇවියේෂන් ලිමිටඩ් ආයතනයට ගුවන් ගමන් තහනමක් පැනවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාල සමාගමට ගුවන් යානා මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...