උද්දික පුතාට වෙඩිතැබීමේ නාටකය හෙළිවෙයි. පොලිස් ලොක්කෙකුත් හවුල් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය ඔහු විසින්ම ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් කර සිදුකරන ලද්දක් යැයි අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

“සංජීව මහානාම කියන සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගත වෙලා තියෙනවා පෙරේදා දිනයේදී. ඔහු විදේශගත වීම ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීලා නිසි අවසරයකින් නෙවෙයි ඔහු විදේශගත වෙලා තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනයක් සිදු කරනවා. ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, පසුගිය කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් කරන ලද කාර් රථයකට ඒ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් මේ සහකාර පොලිස් අධිකාරීවරයාත් දන්නා හඳුනන පුද්ගලයින් විදියට මේ කාර්යය සැලසුම් සහගතව දෙදෙනා විසින් සිදුකළා කියන කාරණය තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නෙ විමර්ශන කටයුතු අනුව. ඉතින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර තමයි මේ පුද්ගලයාගේ විදේශගත වීම සිදුවෙන්නේ. පොලීසියට දැනුම්දීලා නෙවෙයි ඔහු විදේශගත වෙන්නේ. දැනට තියෙන තොරතුරු අනුව ඔහු කටුනායක ගුවන් තොටුපලට ගිහිල්ලා ඔහු ඒ ගිනිඅවිය වෙනත් ඔහුගේ හිතවතෙකු අතේ තමන් සේවය කළ ස්ථානයට එවලා තියෙන බවට තමයි තොරතුරු තියෙන්නේ. ඒ සම්බන්ධයෙනුත් අපි පරීක්ෂණ පවත්වනවා. මොකද ඔහු සතු ගිනිඅවිය වෙන අයෙකුට පැවරීමේ හැකියාවක් නෑ, එය වරදක්. පෙරේදා රාත්‍රියේ ගමන් කරන ලද ගුවන් යානයකින් ඔහු මැලේසියාව බලා ගිය බවට තමයි දැනට තොරතුරු තියෙන්නේ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සිද්ධිය 2023 සැප්තැම්බර් 17 වනදා උද්දික ප්‍රේමරත්නගේ නිවස අසලදී සිදුව තිබුණු අතර වෙඩි වැදීමෙන් ඔහුගේ මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට හානි සිදුවී තිබිණි.

මෙම සිද්ධිය හුදෙක් නාටකයක් බව ලංකා නිව්ස් වෙබ් අපි මීට කලකට පෙරම අනාවරණ කළෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...