ග්‍රීසියේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ආන්තික කාලගුණයේ බලපෑම හේතුවෙන් ග්‍රීසියේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ජාතික කාලගුණ විද්‍යා සේවයට EMY අනුව, ග්‍රීසියේ උෂ්ණත්වය 48Cක් ලෙස සඳහන්ව ඇති අතර සංචාරකයන් සඳහා රජය විසින් විශේෂ මර්ගොපදෙෂණයන් ලබා දී තිබේ.

ග්‍රීසිය යනු දේශගුණික අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපීය රටවලින් එකක් වන අතර උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් මේ වන විට ග්‍රීසියේ පාසල් වසා දමා ඇති අතර සංස්කෘතික අමාත්‍යාංශය විසින් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක් වන පාර්තෙනොන් විහාරය ඇතුළත් ඇක්‍රොපොලිස් කඳුකරය හා අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථානයන් සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දමා තිබේ.

පසුගිය වසරේද ග්‍රීසියට උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මාරාන්තික ලැව්ගිනි ඇති කළ අතර, අක්‍රමවත් වර්ෂාව හේතුවෙන් වාර්තා දරුණුතම ගංවතුර ද ඇති විය. මෙම ව්‍යසනයන් දෙකම වගාවන්ට හා වනෝපායන්ට හානි කිරීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...