පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙකට දැන්ම අවසර දෙන්න බැහැ – මහජන උපයෝගිතා කොමිසම

කොළඹ LNW:ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා පවතින තත්ත්වය යටතේ අවසර දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ.

පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර සඳහා ඉන්දීය අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය පසුගිය වසරේ පෙබරවාරි 23 වැනිදා ලබා දී තිබුණී.

එහිදී ප්‍රකාශ කෙරුණේ ඩොලර් මිලියන 442ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි.

කෙසේවෙතත් පාරිසරික බලපෑම් තක්සේරුවේ ප්‍රතිඵල සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපත්‍රයේ විස්තර ඇතුළු තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි සමාගමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...