*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපති ධූරය තව අවුරුද්දකට අදින්න බැහැ. මාධ්‍යයේ යන ප්‍රචාරවලට අහුවෙන්න එපා – චම්පික

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය තවත් වසරකින් දීර්ඝ කර ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධානය මගින් කොළඹ වලව්වත්ත ප්‍රදේශයේ සංවිධානය කර තිබුන ජන හමුව අමතමිනි.

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අයත් මෙලෙස ධූරය වසරකින් දීර්ඝ කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා තිබුණු අතර ව්‍යවස්ථාවට අනුව ඊට ඉඩක් නොලැබුණු බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි රණවක මහතා කියා සිටියේ.

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයට ඔක්තෝම්බර් 17න් පසු එක දවසක්වත් ධූරයේ සිටිය නොහැකි අතර ඊට නව පත්වීමක් සිදුවිය යුතුවන බව හෙතෙම අවධාරණය කළේය.

එලෙස පත්වෙන නව ජනාධිපති තවත් කතාකාරයෙක්, තවත් ජනතාවට නත්තල් සීයා මෙන් බඩු බෙදන කෙනෙක්, ජාතිය ආගම විකුණලා එන කෙනෙක් විය නොහැකි අතර අපේ රට, අපේ දරුවෝ මේ අර්බුදයෙන් මුදාගන්න හැකි අපේ ජනතාවට මග පෙන්විය හැකි නායකයෙක් විය යුතු බවත් හෙතෙම කියාසිටියේය.

”ජනාධිපතිවරණයක් ජූලි 17 වෙනිදයින් පස්සේ මැතිවරණ කොමිසම අතට යනවා. සැප්තැම්බර් දාහතයි, ඔක්තෝබර් දාහතයි අතරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. බොහෝ දෙනෙක් ඇවිල්ලා ඔබට පොරොන්දු දෙනවා. හොරු අල්ලන්න පොරොන්දු දෙනවා. දුගියන්ට සහන සලසන්න පොරොන්දු දෙනවා. ඒ වගේම බඩු බෙදන්න, හාල් බෙදන්න, ගෙවල් නොමිලේ දෙන්න, ඔප්පු ලබා දෙන්න, මේවා වැඩපිළිවෙල ගොඩාක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි එකක් මතක තබා ගත යුතුයි. අද මෙතන තියෙනවා මේ නෙළුම් කුළුණ. මේවට වියදම් කරපු සල්ලි ආපහු ලැබිලා නැහැ. මේ නෙළුම් කුළුණට වියදම් කරපු සල්ලි ජනතාව තාම පාන් පිටි වලින්, කිරිපිටි වලින් බදු හැටියට ගෙවනවා. හැබැයි අපි කරපු සංවර්ධන ව්‍යාපෘති එකක්වත් මහජනයාට බරක් වෙන්න නෙවෙයි කළේ. මහජනයා ශක්තිමත් වෙන්න කළේ. රටේ ජනතාව ශක්තිමත් වෙන්න කළේ. අපි කෝටි 2300 ක් නාගරික සංවර්ධන අධිකාරිය ඉතුරු කරලා ආවේ. ඒ වගේම ඔබට මතකයි අද ඩීසල් මිල මේ ත්‍රීවිල්වලට මෝටර් සයිකල්වලට බලපාන පෙට්‍රල් මිල අද රුපියල් 350 ට උඩින් තියෙන්නේ. අපි මේ ධුරය දරන කාලේ පෝලිම් නෙමෙයි රුපියල් 95 ට ඔබට ඩීසල් ලබා දුන්නා. රුපියල් 117 ට පෙට්‍රල් ලබා දුන්නා. මේවා බැරි වැඩ නෙවෙයි. මහා ලොකු කතා කියලා බලයට පත්වෙච්ච අය විශාල මාධ්‍ය ප්‍රචාරයන් නගලා ආපු අය ආර්ථිකය වැට්ටුවා. මිනිස්සුන්ගේ ජීවිත වැට්ටුවා. ඒ වෙනුවට අපි විදුලි බිල අඩු කරලා ඔබට සහනය ලබා දීලා විදුලිබල මණ්ඩලේත් ලාභ කළා. අද කෑලි දොළහකට කඩලා විකුණන්න යනවා. අපි දන්නෑ මොනවා වෙයි ද කියලා ඉදිරි කාලයේදී. හැබැයි මේ මණ්ඩලය අපි හදලා පෙන්නුවා. තෙල් සංස්ථාව හදලා පෙන්නුවා.

අද ඉදිරිපත් කරලා තියෙනවා මේ රටට අලුත් වැඩපිළිවෙලක් ව්‍යවස්ථාවේ 83 වෙනි වගන්තියේ අවුරුදු හයක් ඉන්න පුළුවන් ජනාධිපතිතුමාට කියලා. පාර්ලිමේන්තුවේ 150 පෙන්නලා. මේ කිසිසේත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ ව්‍යවස්ථාව ගැන මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ගත්ත විවරණයක්. දෙදාස් දහඅටේදී. කිසිම විදියකට ජනාධිපති ධූරය කල් දාන්න බෑ අවුරුද්දකින් පාර්ලිමේන්තු මතයකට. ඒකට ජනමත විචාරණයක් අවශ්‍යයි. මේකම තමයි 2005 දී චන්ද්‍රිකා මැතිණියත් තව අවුරුද්දක් පුළුවන්ද කියලා බැලුවා. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා බෑයි කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් කිව්වා බෑයි කියලා. ඒ නිසා මේ නිකන් ම මාධ්‍ය හරහා යවන මේ ප්‍රචාරයන්වලට අහුවෙන්න එපා. ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරයාට ඔක්තෝබර් දාහතෙන් පස්සේ එක දවසක්වත් බලයේ ඉන්න හැකියාවක් නැහැ. ඔක්තෝම්බර් අලුත් ජනාධිපති කෙනෙක් රටට ඉන්න ඕනේ. ඒක තමයි ව්‍යවස්ථාව.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan