*
Friday, October 18, 2024
spot_img

Latest Posts

‘නෝ ෆෝල්ට් ඩිවෝස්’ යනු කුමක්ද ?

14 වෙනිදා තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණ ඇමතිවරයා කියපු දෙයක් තමයි හදිසියේ සම්මත වෙන්න නියමිත නීති කෙටුම්පත් ගණනාවක් ඇතුලේ සිවිල් නීති ගණයට අයත්වෙන දික්කසාද නීතියේ යම් වෙනස්කිරීමක් කරන්න සූදානම් කියන එක. සමාජයක් ලෙස නිදහසෙන් පසුවත්, 1978න් පස්සේ සුවිශේෂයෙනුත් ලාංකික සමාජය ඉතාම සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලන සංදිස්ථාන කිහිපයක් පසුකළා උනත් ලංකාවේ දික්කසාද නීතිය තිබ්බේ සුද්දගේ කාලේ ඉඳන් වගේ හද්දා පරණ එකක්.

ලෝකෙත් වෙනස්වෙලා සුද්දොත් වෙනස්වෙලා ඒත් ආවාහ විවාහ නීතිය පැත්තෙන් වගේම තවත් ගොඩක් දේවල් වලිනුත් තවමත් අපි ඉන්නේ පරණ තැනමයි. ඒ වගේම දික්කසාද වෙන තරුණ තරුණියන්ගේ නඩුවලින් උසාවි පිරෙමින් තියනවා කියලත් අහන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවක තමයි මේ අලුත් අදහස ආණ්ඩුව පැත්තෙන් එමින් පවතින්නේ. සංඛ්‍යාත්මකව සෑහෙන විශාල පිරිසකට මේ නීති ප්‍රතිපාදනය නිසා සහනයක් වෙනවා කියලත් ඔවුන් දන්නවා.

මේ වෙන්වීම් වලට බලපාන ගොඩක් සමාජ ආර්ථික හේතු තියනවා. ඒවාටත් විසඳුම් අවශ්‍ය වෙනවා. කොහොම උනත් වෙන්වීමකදී වෙන්න පුළුවන් මානසික හානිය අවම කරගන්නවා නම් තමයි හොඳ.

නෝ ෆෝල්ට් ඩිවෝස් (no fault divorce) කියල කියන්නේ එක් පාර්ශවයක් විසින් අනික් පාර්ශවයට චෝදනාවක් කරන්නේ නැතුව, වරදක් පටවන්නේ නැතුව වෙන්වීමට ඉඩ ප්‍රස්ථාවක් උදාකරන එක.

විශේෂයෙන් මේ සම්බන්දයෙන් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ එවන් පැරණි ආකෘතියේ චෝදනාත්මක වෙන්වීමකදී එම විවාහයේ දරුවන්ට ඇතිවෙන මානසික පීඩනය සලකා බලල. මොනයම් හෝ සංකීර්ණ හේතු ප්‍රමාණයක් මත විවාහය පවත්වාගෙන යන්න බැරි බව සත්‍යයක් උනත්, ඒ නිසාම වෙන්වෙන්න අවශ්‍ය උනත්, එහෙම වෙන්වෙන්න ඕනි වුණා වුනත් දෙන්නා තුලම වෛරයක් නැති අවස්ථාවකදිත්, එකිනෙකාට උසාවියේදී චෝදනා කරගන්නේ නැතුව දැන් තියන නීතියට අනුව වෙන්වෙන්න අමාරුයි.

එක්කෝ ද්වේශ සහගත හැරයාම නැත්නම් ලිංගික බෙලහීනතාව වගේ පවතින විවාහයෙන් වෙන්වීමේ සංකීරණබවට මෙලෝ සම්බන්දයක් නැති වෛරී චෝදනාවක් (hateful accusation) එක්ක තමයි දැන් තියන නීති ප්‍රතිපාදන යටතේ දෙන්නෙකුට වෙන්වෙන්න වෙන්නේ. ඒක ඒ වෙන්වෙන දෙදෙනාටත් ලොකු මානසික පීඩනයක් වෙනවා. ඒක සමහරු හඳුන්වන්නේ මානසික කෘරත්වයක් හැටියට (mental cruelty).

එහෙම වෛරී වෙන්විමකදී ඒ ප්‍රශ්නය දිහා බලන්ඉන්න එම විවාහයේ දරුවන්ට විවාහය ගැන නෙවෙයි සියලු මනුෂ්‍ය සම්බන්දතා එපාවෙන්න පුළුවන් කියල ගෝලීය නීති විශාරදයින් පෙන්වල දෙනවා. කොහොමත් වෙන්වීමක් කියන්නේ හැම පාර්ශවයකටම පීඩනයක් ඇතිකරන දෙයක්.

සමකාලීන ලෝකයේ මේ නීතිය ප්‍රචලිත වීමට දරුවන්ගේ මානසික පීඩනය ලොකු හේතුවක් වෙලා තියනවා. තවත් හේතුගොඩක් තියනවා. ඒ වගේම මේ පිළිබඳව සෑහෙන කතාබහක් ලෝකයේ තිබෙනවා. මම මේ දැනට ලිව්වේ පොඩි සටහනක්.

තව ලස්සන කාරණයක් මතක්කරන්න ඕනි සටහන ඉවර කරන්න කලින්. නූතන යුරෝපයේ මේ ‘චෝදනා රහිත විවාහය’ මුල්ම වරට අත්හදාබලල තියෙන්නේ ජර්මණියට අයිතිවෙලා තිබ්බ රාජ්‍යයක් වෙච්ච ප්‍රසියාවේ. හැබැයි මේක නීතියක් හැටියට මුල්ම වරට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1917 ශ්‍රේෂ්ට විප්ලවයෙන් පස්සේ ලෙනින්ගේ රැසියාවේ. ඒ දැන් මේ තියන බුර්ෂුවා විවාහයට එරෙහිව.

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan