ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලග්න වාසනාව, අද කෝටිපති, ශනිදා, සුපර් බෝල්, ජයෝදා, කප්රුක සසිරි යන ලොතරැයි පත් මුද්‍රණය සහ සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇතැයි රජය පවසන අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව වසරක කාලයක් සඳහා සහ ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව Toppan Forms (Colombo) Ltd., DPJ Holdings (Pvt) Ltd. Grand Export (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳාහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...