සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක

Date:

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්‍රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

ඔවුන්ගේ එකම අරමුණ රට, ජනතාව බේරා ගැනීම නොව කැබිනට් ඇමති පට්ටමක් ලබා ගැනීම බවයි ඇමතිවරයා අද පැවති මස්කෙලිය ආසනයේ පොදුජන පෙරමුණු තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින් සඳහන් කළේ.

කැබිනට් ඇමති තනතුරක් ලබා දුන්නේ නම් ඔවුන් කිසිදු ගැටලුවක් නොමැතිව සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වනු ඇති බවද රත්නායක මහතා පවසනවා.

දේශපාලන වශයෙන් කුමන මතභේද පැවතියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම පැසසිය යුතු බවත්, ඔහු සමුළුව වර්ජනය කළ සියලු පාර්ශ්වවලට ආදර්ශයක් බවත් සී.බී. රත්නායක මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...