IOC, 2028 ත් සූදානම්! අපිත් සූදානම් වෙමු ද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජූනි 22, (LNW) කොළඹ : ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සපයන තුන්වන අවස්ථාව සනිටුහන් කරන්නට සූදානමින් සිටියි.ඒ 2028 දී ය.මීට පෙර 1932 සහ 1984 ඔලිම්පික් උළෙල ලොස් ඇන්ජලීස් හී පවත්වා ඇත. ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2028 ජූලි 14-30 දක්වා පැවැත්වෙන අතර, දැනට LA28 ක්‍රීඩා වැඩසටහනේ ක්‍රීඩා 35 ක් සඳහා තරඟ කරන රටවල් 200 කට වැඩි ගණනක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ වන විටත් එහි තරග පැවත්වීමේ සැළසුම් පවා අලුත් කරමින් එම තරගාවලියට සූදානම් වෙමින් සිටින අතර එහි මලල ක්‍රීඩා කාල සටහන පෙරට ගෙන ඒමට කටයුතු කරමින් පිහිණුම් දෙවන සතිය දක්වා පසුපසට රැඟෙන යාමට ක්‍රියා කර ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මලල ක්‍රීඩාව ඔලිම්පික් තරගාවලියේ පෙර ටගන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ “පළමු සතිය තුළ මලල ක්‍රීඩා සඳහා ප්‍රමුඛත්වය දීමෙන්, ක්‍රීඩා උළෙල ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගනිමින් සහ අමතක නොවන ඔලිම්පික් ගමනකට වේදිකාව සකසනු ඇත.” යනුවෙන්ය.

එසේම මලල ක්‍රීඩා ඉසව් පවත්වන්නට නියමිත ලොස් ඇන්ජලීස් හී කොලිසියම් අනුස්මරණ ක්‍රීඩාංගණය ද 2028 දී ඇමෙරිකාවේ පැවත් වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනම පැවත් වූ පිටිය හැටියට ඉතිහාසගත වන්නටත් නියමිතව තිබෙනවා.මේ ආකාරයට පැරිස් ඔලිම්පික් උළෙල නිමා වන්නටත් ප්‍රථම 2028 ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ක්‍රීඩා කාල සටහන පවා සහතික කර ගනිමින් සිටින ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආකාරයටම,බොහෝ රටවල් අනාගත ඔලිම්පික් තරු හඳුනාගෙන මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.ශ්‍රී ලංකාවට ද මෙවර ඔලිම්පික් උළෙලට වඩා ජාත්‍යන්තරයේ අවධානය දිනූ 2028 දී වඩාත් යහපත් ප්‍රතිපල ගෙන ආ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක්ම හඳුනා ගන්නට හැකි වී තිබෙනවා.
විරේන් නෙත්තසිංහ,තරුශි කරුණාරත්න,රුමේෂ් තරංග,නෙත්මි අහිංසා,උමයංග මිහිරාන් ඒ අතරින් විශේෂයෙන් මේ වන විට ලෝකයට පිවිස අභියෝග කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා.ඒ නිසා මේ 2028 ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සූදානම ආරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ෂෙමාල් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ වන විට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වී තිබෙන ඉහත ක්‍රිඩකයින් නම් කර සුපිරි ඔලිම්පික් සංචිතයක් ආරම්භ කිරීමට පියවර ගැනීම වැදගත්.එහිදී ඔවුන්ට මීට වඩා පහසුකම් සහිත බිමක අධ්‍යාපනය ලබන්නට ඇති හැකියාව ද සැළකිල්ලට ගෙන විදේශීය පුහුණුවක් සහිතව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙයවීම වැදගත් වෙනවා.වඩාත් වැදගත් ඉදිරියෙන්ම සිටින මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනාම 2028 පමණක් නොව,2032 දී ද අවුරුදු 30 ඉක්මවා නොයන්නන් වීමයි.

එසේම ඔවුන් නිරත වෙන ක්‍රීඩාවේ ස්වභාවය දැන ඔවුන්ට ඔලිම්පික් සුදුසුකම් ලැබීම වෙනුවෙන් හැසිරෙන්නට අවශ්‍යය මඟ පෙන්වීම ද ලබා දීම වැදගත් වෙනවා.උදාහරණයකට මේ වන විටත් ඔලිම්පික් යාම සඳහා සුදුසුකම් පෙන්වා තිබෙන තරුශි කරුණාරත්නට ආසියානු ක්‍රීඩා උළෙලේදී මූලික වටයේ දී වාර්තා කළ කාලයට වඩා හොඳ කාලයක් වාර්තා කිරීමට හොඳ ඉඩක් තිබුණත්,ඇය තරගයේ දී අවසාන තරගායට සුදුසුකම් ලැබීම පමණක් ඉලක්ක කරගෙන දිවූ බව පැහැදිළියි.එහෙත් එහිදී ඇය විනාඩි 2:07 ට වඩා 2:5 සීමාවේ හෝ තරගය නිමා කළේනම් එම මූලික තරගයට ලැබී තිබෙන ලකුණු 70 ප්‍රසාද ලකුණට ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනෙන් දැනට එක් වී තිබෙන ලකුණු ගණනට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් එක් වෙන්නට තිබුණා.එසේ වී නම් තරුශි මේ වන විටත් වඩාත් පහසුවෙන් ඔලිම්පික් සුදුසුකමට පිවිස අවසන් වෙන්න තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...